Search

ඔස්ට්‍රේලියාවේ වෙළදසැල් වලින් දුම්වැටි ඉවත් වෙයිද?

සුපිරි වෙළඳසැල්වල සිගරට් විකිණීම තහනම් කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ Lung Foundation පදනම ප්‍රකාශකර තිබෙනවා.

එහි ප්‍රධාන විධායක Mark Brooke පවසා සිටියේ දුම්වැටි නිෂ්පාදනයෙන් ලබන ලාභයට වඩා ඔස්ට්‍රේලියානුවන්ගේ පෙනහළු සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම වැදගත් බවයි.

වාර්තා වලට අනුව දුම්පානය හේතුවෙන් වසරකට පුද්ගලයන් 1600කට වඩා මිය යන බවත්, එහි සෞඛ්‍ය වියදම් වශයෙන් වසරකට ඩොලර් මිලියන 300කට වඩා මුදලක් වියදම් වන බවත් සඳහන්.

 

දුම්වැටි වල මිල ඉහල යාමත් සමඟ ඒවා භාවිතා කරන පුද්ගලයින් නිතිවිරෝධී වෙළෙඳපලවල් වලින් පවා දුම්වැටි ලබාගන්නා බවයි වාර්තා වන්නේ.

Woolworths සමාගමෙන් තවමත් පිළිතුරක් ලැබී නැති අතර Coles සමාගම කියා සිටියේ සමාගම නීතියට අනුකූලව ක්‍රියා කරන අතර, පාරිභෝගිකයන්ට නීතිමය ආකාරයෙන් සිගරට් මිලදී ගැනීමේ අවස්ථාවක් ලබාදෙන බවයි.

වෛද්‍යවරුන්ද මේ සදහා සහයෝගය දක්වා ඇති අතර රජයේ සහයෝගයද ඉල්ලා සිටියා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »