
විදෙස් වෛද්‍ය ශිෂ්‍යාවක් සිප ගනිමින් ස්පර්ශ කළ ටස්මේනියානු වෛද්‍යවරයෙකුට මාසයක අත්හිටුවීමක් සහ වසරක සිසුන් අධීක්ෂණය කිරීම තහනම් කර තිබෙනවා.
2020 මුල් භාගයේදී St Marys General Practice හි සති හතරක placement එකකදී ජාත්‍යන්තර ශිෂ්‍යාව සමඟ නැවත නැවතත් ශාරීරික හැසිරීම් වල නිරත වූ බවයි 56 හැවිරිදි වෛද්‍ය Cyril Swe Latt, පිළිගෙන ඇත්තේ.
TASCAT ඔහුගේ හැසිරීම වෘත්තීය විෂමාචාරයක් බව සොයා ගත් අතර, එය වෘත්තීය නොවන හැසිරීමක් සහ සුළු චෝදනාවක් බවට ඔහුගේ නීති කණ්ඩායම කළ තර්කය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

විනිශ්චය සභාව පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ ක්‍රියාවන් “විශ්වාසය කඩ කිරීමක් සහ වෘත්තීය සීමාවන් උල්ලංඝනය කිරීමක්” බවයි.
වෛද්‍ය ලැට් 2023 දී St Marys හැර ගිය අතර මේ වනවිට Oatlands නගරයේ පුහුණුවීම් කරන බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අත්හිටුවීම ආරම්භවූයේ මැයි 26 වන දින සිටයි.