Search

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ගැන ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක්

හැකි ඉක්මනින් අයවැයට ආරක්ෂක වියදම් ලෙස ඩොලර් බිලියන ගණනක් වෙන්කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටිනවා.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක ප්‍රතිශතයක්.

සති අන්තයේ සිංගප්පූරුවේ පැවති කලාපීය ආරක්ෂක සමුළුවකදී ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් හමුවීමෙන් පසු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දෙපාර්ශවය මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ග්සෙත් මීට පෙරත් ඕස්ට්‍රේලියාවෙන් ආරක්ෂක වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටි නමුත් සංඛ්‍යාත්මකව එය නම්කර තිබුණේ නැහැ.

2033-2034 වන විට ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.02 සිට සියයට 2.33 දක්වා ඉහළ යනු ඇතැයි ෆෙඩරල් රජය පුරෝකථනය කර තිබෙනවා.

අගමැති ඇන්තනි ඇල්බනීස් ඊයේ පැවසුවේ ඕස්ට්‍රේලියාව පමණක් එහි ආරක්ෂක ප්‍රතිපත්තිය තීරණය කරන බව හා ඒ වෙනුවෙන් අමතර ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ සිංගප්පූරුවේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ චීනයේ සැලසුම් ගෝලීය සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි බවයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »