Search

Breast Cancer හඳුනගන්න AI යොදාගත් මෙල්බන් වෛද්‍යවරිය

පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා AI තාක්ෂණයේ නිවැරදිතාවය පිළිබඳ අධ්‍යයනයක් කරමින් සිටින බව මෙල්බන් ශාන්ත වින්සන්ට් රෝහලේ, වෛද්‍ය හෙලන් ෆ්‍රේසර් පවසනවා.

ඇය විසින් මැමෝග්‍රෑම් කියවීමට සහ පියයුරු පිළිකා හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබඳ අධ්‍යයනයකට නායකත්වය දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙමගින් පියයුරු පිළිකාවේ ඉතා ඉක්මනින් සිදුවන සියුම් වෙනස්කම් පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවද ඇය කියාසිටියා.

වෛද්‍ය ෆ්‍රේසර් පවසන්නේ ප්‍රතිඵල විශ්මයජනක වන අතර මෙම අධ්‍යයනයෙන් පියයුරු වලින් පිටත පිළිකා පැතිරීමට පෙර පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් ජීවිත රැසක් බේරාගත හැකි බවයි.

ආචාර්ය ෆ්‍රේසර් AI Australia සහ New Zealand Awards 2022 හි කාන්තා සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන වසරේ නවෝත්පාදකයා ලෙස සම්මාන දිනා ගත්තා.

ආචාර්ය ෆ්‍රේසර් පවසන්නේ ශරීරයේ පිළිකාවක් තිබේද යන්න තීරණය කිරීමට ඇල්ගොරිතමයකට කොතරම් හොඳින් ක්‍රියාකළ හැකිදැයි බැලීම මෙම කෘතිම බුද්ධිය හරහා සිදුකරන බවයි.

AI තාක්ෂණය මගින් radiologists screen කියවීමේ කාර්යභාරය වේගවත් කිරීමට උපකාරී වන අතර එමඟින් වඩාත් සංකීර්ණ ක්‍රියා සිදුකළ හැකි බව වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »