
ඔස්ට්‍රේලියාව අලංකාර වෙරළ තීරයන් සඳහා ලෝක ප්‍රසිද්ධය වී ඇතත් විවිධ වැරදි හේතු නිසා ලොව පුරා වැඩිම පැමිණිලි සහිත වෙරළ තීර 20 අතරට ඇතුලත් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයන් දෙකක් ලයිස්තුවට ඇතුලත් වී ඇති අතර ඊට හේතූන් වී තිබෙන්නේ අධික තදබදය, අපිරිසිදුබව,දිගු පෝලිම් සහ විශාල ශබ්ද පැවතීමයි.
මෙම ලයිස්තුගත කිරීම Cloudwards නමැති ආයතනයක් මගින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක විචාර දහසකට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂණය කරමිනුයි මෙම ලයිස්තුගත කිරීම සිදුකර තිබෙන්නේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වෙරළක් වන බොන්ඩි වෙරළ තීරයට වැඩිම පැමිණිලි සහිත වෙරළ අතරින් 9වැනි ස්ථානය ලැබී තිබෙනවා.

ලොව සංචාරකයන්ට බොන්ඩි වෙරළ ගැන තිබූ යහපත් ප්‍රතිචාර 75%කින් අඩුවී ඇති බව මෙම නවතම වාර්තාවෙන් පෙන්වා දෙනවා.
ලයිස්තුවේ 20 වන ස්ථානය ලෙස මැන්ලි වෙරළ නම්කර ඇති අතර එයට ප්‍රධානතම හේතුව වෙරළ තීරය පුරා කැළිකසල බහුල වීම හා අධික ජන සංඛ්‍යාවයි.