
නව විරෝධතා සීමාවන් සිසුන්ගේ විරෝධතා දැක්වීමේ අයිතීන් උල්ලංඝනය කරන බව කියා සිටිමින් ඔස්ට්‍රේලියාව පුරා විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා ආරම්භකර තිබෙනවා.
සිසුන් පවසන්නේ මෙම නීති මගින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි වන බවයි
සිසුන් විසින් පළකරන ලද “free speech is under attack” “clubs are under attack” යන වදන් ඇතුලත් පොස්ටර් නිසා සිසුන් කිහිප දෙනෙකුම පන්ති තහනමකට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

University of Western Australia හි සිසුන්ගේ සංගමය කියා සිටියේ මෙවැනි නීති පැනවිය යුත්තේ වංචාකරුවන්ට සහ සමාජ විරෝධී හැසිරීම් වැනි හෙතූන් වලට බවයි.
තවද විරෝධතා වලට සම්බන්ධ වීම නිසා පොලීසිය නිවෙස්වලට පැමිණීමෙන් සිසුවියන් කිහිපදෙනෙක් බියට පත්ව ඇති බවද ශිෂ්‍ය සංගම් කියා සිටියා.

මේ සම්බන්ඳව අදහස් දක්වන විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය පවසනේ සිසුන්ගේ ආරක්ෂාව සදහා මෙම නව නීති පනවා ඇති නිසා නීති විරෝධී හැසිරීම් සිදුකරන සිසුන් පොලීසියට යොමු කරන බවයි.