Search

මාර්ග අසල ශරීරයට හානිදායක විෂ පැලෑටියක් පැතිරෙයි

Moth Vine නැමැති විෂ පැලෑටියක් බටහිර ඔස්ට්‍රේලියාවේ Hoxton Park ප්‍රදේශය වටා ඉතා අනතුරුදායක ලෙස පැතිරෙමින් තිබෙනවා.

මෙය මිනිසුන්ට, සතුන්ට සහ වගා පද්ධතියටද බරපතල ලෙස හානි සිදුකල හැකි විෂ පැලෑටියක් ලෙසයි බොහෝ විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ.

මෙම පැලෑටිය ගස්වල, තණකොළවල සහ වාහන ගමන් ගන්නා මාර්ග වලද දැනටමත් ව්‍යාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

එහි කොළ ආහාරයට ගැනීමෙන් මෙන්ම ස්පර්ශයෙන් පවා ඇස් දැවිල්ල සහ හුස්ම ගැනීමේ අපහසුතා ද ඇතිවිය හැකි බවට විශේෂඥ වෛද්‍යවරයෙකු වන Carol Booth ප්‍රකාශකර තිබෙනවා.

තවද නිවෙස් වල මෙම විෂ පැලෑටිය දක්නට ලැබුනහොත් එය ඉවත් කිරීම සදහා අදාල නගර සභාවට හෝ පරිසර ආරක්ෂණ අංශයට වාර්තා කරන ලෙස විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

රජය විසින් මෙම විෂ පැලෑටිය ව්‍යාප්ත වීම නැවැත්විමට පියවර ගත යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »