
වික්ටෝරියාවේ Jan Juc ප්‍රදේශයේ Great Ocean Road අසළ කඳු බෑවුමක සිරවී සිටි තරුණයෙකු හෙලිකොප්ටරයක් ආධාරයෙන් බේරාගෙන තිබෙනවා.
අවුරුදු 20ක තරුණයෙක් වන ඔහු Ocean Boulevard සහ Cantala Drive අසළ සිරවී සිටියේ හදිසියේ ඇති වු මුහුද රළුවීමේ තත්ත්වයක් හේතුවෙනුයි.
පොලිස් හෙලිකොප්ටරයක් මගින් පිහිනුම් සහායකයෙකු පහතට බැස ඔහුට උපකරණ සවිකර රැගෙනවිත් බේරාගෙන තිබෙනවා.

තරුණයාට සුළු තුවාල පමණක් සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය දැනුම් දී පැයක් ඇතුළත ඔහු බේරා ගැනීමට හදිසි සේවා නිලධාරීන්ට හැකිව තිබෙනවා.
