Search

පාපන්දු තරගයකදී පොලිසියට ප්‍රහාරයක්

 

මෙල්බර්න් derby A-League අවසන් මහා තරගයට පෙර පොලිසියට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැවති Melbourne Victory සහ Melbourne City අතර තරගයට පෙර Richmond හි Swan Street මාර්ගයේ රැදී සිටි පාපන්දු ලෝලීන් ප්‍රචණ්ඩකාරීව හැසිරී තිබෙනවා.

එහිදී ඔවුන් ගිනි පන්දම් විසි කරමින් එල්ල කළ ප්‍රහාරවලින් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ගිනිකෙළි දැල්වීම සඳහා දඬුවම් නිවේදන 4 ක් සහ කලහකාරී හැසිරීම් සඳහා දඬුවම් නිවේදනයක් ද මෙහිදී නිකුත් කෙරුණා.

ඊට අමතරව, ස්ථානවලින් ඉවත් කිරීම් 11 ක් සහ අනවසරයෙන් ඇතුළුවීම සඳහා අනතුරු ඇඟවීම් දෙකක් ද සිදුකර තිබෙනවා.

මෙල්බන් අවට පොලීස් ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දැමූ අතර, නිලධාරීන් විශාල පිරිසක් තරඟ භූමිය අවට යොදවා තිබුණා.

Croydon, Belgrave, Mooroolbark, Wallan වැනි පොලිස් ස්ථානවල පිළිගැනීමේ කවුන්ටර සියල්ලම වසා දමනු ලැබුව ද අද දින ඒ්වා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »