
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම විදේශීය නිවාඩු ගමනාන්තය වන ඉන්දුනීසියාවට ගමන් කිරීමට සූදානම් වන සංචාරකයන්ට නවතම ආරක්ෂක අවවාදයක් නිකුත් කර තිබෙනවා.
ෆෙඩරල් රජයේ ස්මාර්ට්‍රවෙලර් [Smartraveller] වෙබ් අඩවිය පවසන්නේ ඉන්දුනීසියාවට සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් ක්‍රියා කරන ලෙසයි.
සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් වන බාලි [Bali] වැනි වෙරළබඩ ප්‍රදේශවල මුහුද රළුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සංචාරකයන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා.

බොහෝ වෙරළ තීරයන්හි ලයිෆ් ගාඩ් (lifeguards) යොදවා නොමැති බවටයි අනතුරු අගවා ඇත්තේ.
විදේශ ගමන් බලපත්‍ර ජලයෙන් හානි වීම හෝ සුළු ඉරීම් වාර්තා වන බැවින් ඒවා ආපසු හැරවීමේ හැකියාව පවතින නිසා ප්‍රවේශම් කරන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර සංචාරයට පෙර ඉන්දුනීසියා රජය විසින් නිකුත් කරන ලද හැසිරීම් මාර්ගෝපදේශය අනුගමනය කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.
දේශීය සංස්කෘතිය, ආගම, පූජනීය ස්ථාන සහ සාම්ප්‍රදායික උත්සවවලට ගරු කිරීමට අපොහොසත් වන ආක්‍රමණශීලී හැසිරීම් අපරාධ දඬුවම් හෝ පිටුවහල් කිරීමට ද හේතු විය හැකි බවයි ස්මාර්ට්වෙලර් වෙබ් පෙන්වා දී ඇත්තේ.