
නිවාඩුවක් ගත කර ආපසු පැමිණි යුවලක් සිය නිවෙස් සිටි අඩ නිරුවත් පුද්ගලෙයකු සොයා ගැනීමේ පුවතක් සිඩ්නියෙන් [Sydney] වාර්තා වනවා.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ 22 හැවිරිදි ශිෂ්‍යාවක් වන ඩෙනූරා ලියු [Denoora Lyu] සහ ඇගේ පෙම්වතා නිවාඩුවක් ගත කිරීමට ගොස් තිබුණා.
ඇය ජීවත් වන පිර්මොන්ට් හි [Pyrmont] මහල් නිවාසයට නැවත පැමිණීමේ දී ඔවුන්ට දැකගත හැකි වුයේ අඩ නිරුවත් පුද්ගලයෙකු නිවසේ ජීවත් වන බවයි.

ඔවුන්ගේ ඇඳුම් සහ බැංකු කාඩ්පත් ද ඔහු විසින් භාවිතා කර ඇති බව ද සොයාගෙන තිබෙනවා.
ඩිලන් පැට්‍රික් යෙල්කොවන් [Dylan Patrick Yelkovan] නැමති මෙම පුද්ගලයා ඔවුන් දැකීමෙන් කලබල නොවු අතර පසුව තම බඩුබාහිරාදිය රැගෙන පිටව ගොස් තිබෙනවා.

ගොඩනැගිලි කළමනාකරුගේ සහාය ඇතිව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු බැංකු කාඩ්පත් හරහා කළ ගනුදෙනු වාර්තාවලින් පෙනී යන්නේ සතියක් පමණ මහල් නිවාසයේ රැඳී සිට ඇති බවයි.
පසුව එම මුදල් ආපසු ලබා දී ඇතත් ඔහු භාවිතා කළ සෑම දෙයක්ම පාහේ ඉවත දැමීමට සිදු වී තිබෙනවා.
මහල් නිවාසය පිරිසිදු කරන අතරතුර ඔවුන්ට හෝටලයක සතියක් ගත කිරීමටද සිදු වූ අතර, ඒ සඳහා ඩොලර් [$] 2000 ක් පමණ වැය වී තිබෙනවා.
ඉන්ටෙන්සීව් කොරෙක්ෂන් ඔර්ඩරයක් Intensive Correction Order (ICO) යටතේ ඔහුට මාස 9 ක සිර දඩුවමක් ලබාදී ඇති අතර දැඩි අධීක්ෂණයක් යටතේ නිවසේ රැදී සිටීමේ නියෝගයක් ද ක්‍රියාත්මකයි.