Search

සිමෙන්ති සහ වානේ නිෂ්පාදකයින්ට නව ගාස්තුවක්

රජයේ දෙවන ධූර කාලය තුළ සිමෙන්ති හෝ වානේ නිශ්පාදකයින් සඳහා කාබන් ගාස්තුවක් පැනවීම  සම්බන්දයෙන් සලකා බැලිය යුතු  බව බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා  විශේ ෂ යමක් සිදු කළ යුතු බවයි.

2030 වන විට  (reducing emissions ) කාබන් විමෝචනය සියයට 43 කින් අඩු කිරීමේ නීතිගත ඉලක්කය සපුරා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සැලසුම් සහගත ලෙස ක්‍රියාකල යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පාරිසරික කණ්ඩායම් විසින් විවේචනය කරන ලද ඕස්ට්‍රේලියාවේ විශාලතම තෙල් හා ගෑස් ව්‍යාපෘතිය වන බටහිර ඕස්ට්‍රේලියාවේ වසර 40 ක බලපත්‍රයක්, කම්කරු පක්ෂය විසින් අනුමත කරනු ලැබුවා.

බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පරිසර අමාත්‍ය මරේ වොට් විසින් මෙම තීරණය ගනු ලැබුවේ පාරිසරික අනුමත කිරීමේ නීති සම්පාදනයේ ඉතා දැඩි නිර්ණායක අනුව බවයි.

මෙම වසරේදී රජයට 2035 වසර වනවිට තිබෙන විමෝචන ඉලක්කයන් නියම කිරීමට සිදුවනු ඇති අතර, මේ සදහා independent Climate Change Authority හි උපදෙස්ද සලකා බැලීමට සිදු වනවා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »