Search

එක රැයින් මිලියනපතියන් වන ඔස්ට්‍රේලියාවේ දේපළ හිමිකරුවෝ

Megalot අළෙවි හරහා සිඩ්නි නිවෙස් හිමියන්ගේ දේපල වටිනාකම දෙගුණයකින් ඉහළට යමින් පවතින බව වාර්තා වනවා.

මේ හේතුවෙන් සිඩ්නි සුඛෝපභෝගී නගරවල ඉහල වටිනාකම් ඇති නිවෙස් හිමියන් මිලියනපතින් බවට පත්වෙමින් සිටින බවයි සමීක්ශණයක් මගින් පෙන්වා දෙන්නේ.

Mosman සහ Cremorne වැනි ප්‍රදේශවල නිවෙස් හිමියන්, එකට එක්ව සිය දේපල Megalot ලෙස විකුණමින් තිබීම නිස උපරිම මිලකට එම නිවාස විකිණීමට අවස්තාව හිමිව තිබෙන බවයි වාර්තා වුනේ.

තනිව නිවාස විකුණනවාට වඩා දෙගුණයකට වැඩි මුදලක් එමගින් ඔවුන් උපයා තිබෙනවා.

2025 මැයි මාසය තුළ පමණක්, Mosman සහ Cremorne ප්‍රදේශවල නිවෙස් 10ක් සම්බන්ධ කළ එකතුවකින් $ මිලියන 100 කට අධික වටිනාකමක් ඇති අලෙවියක් සිදුව ඇතැයි සදහන්.

UNSW සහ Macquarie විශ්වවිද්‍යාලවල විශේෂඥයන් පවසන්නේ, මෙය සිඩ්නි නාගරික සංවර්ධනයේ අනාගතය පෙන්වන පියවරක් බවයි.

විශාල ඉඩම් සහිත ප්‍රදේශවල, ව්‍යාපෘති සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණය අඩු වීමත් සමඟ මෙම සංවර්ධන ක‍්‍රමය වඩාත් ආර්ථිකම ප්‍රථිලාභ අත්කර දෙන බවද සමීක්ෂකයින් පෙන්වා දෙනවා.

මෙම ප්‍රවණතාවය සිඩ්නි දේපල වෙළඳපොළ වෙනස් කරමින් තිබෙන අතර, දේපළ හිමියන් විසින් අලුත් ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා ඉහළ වටිනාකම් සහිත සැලසුම් සකස් කරමින් පවතිනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »