Search

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අවසන් තරඟයට

26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් වන සුමේධ රණසිංහ සහ රුමේධ තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ පෙරේදා දකුණු කොරියාවේ ගුමි හි පැවති තරඟාවලියේදීයි.

රුමේධ තරංග මීටර් 83.71 ක ආකර්ෂණීය විසි කිරීමක් වාර්තා කළා.

ඔලිම්පික් ක්‍රීඩකයෙකු සහ ජාතික වාර්තා හිමි සුමේධ රණසිංහ මීටර් 81.33 ක් වාර්තා කරමින් ඉහළම අවසන් තරඟකරුවන් 12 දෙනා අතරට පැමිණියා.

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පකිස්තානයේ අර්ෂාඩ් නදීම්, මීටර් 86.34 ක දුරක් වාර්තා කරමින් සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

තරඟාවලියේ ඉහළම හෙල්ල විසි කරන්නන් සිව්දෙනා වූයේ අර්ෂාඩ් නදීම් (මීටර් 86.34), රුමේෂ් තරංග (මීටර් 83.71), ජපානයේ යුටෝ සකියාමා (මීටර් 81.36) සහ සුමේධ රණසිංහ (මීටර් 81.33) යි.

මේ අතර ශ්‍රී ලංකාවේ පිරිමි මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායමට යෂ්ටිය හුවමාරුව වැරදීමකින් පසු, තරඟය අවසන් කිරීමට ඔවුන්ට නොහැකි වුණා.

එමෙන්ම පාදයේ ආබාධයක් හේතුවෙන් මීටර් 200 ඉසව්වෙන් කාලිංග කුමාරගේට අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ අතර, එම ඉසව්වේ ඔහුගේ පදක්කම් බලාපොරොත්තුව ද බිඳවැටුණා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »