Search

මලපහ පරීක්ෂා කරන්න – ඔස්ට්‍රේලියාවේ කාන්තාවක් ඉල්ලයි

 

මලපහ පරීක්ෂා කරන්නැයි ඔස්ට්‍රේලියාවේ කාන්තාවක් ඉල්ලීමක් කරනවා.

ඇඩිලේඩ් [Adelaide] නගරයේ ජීවත් වන තිදරු මවක වන නීනා ඩිස්ටානෝ (Nina Distano) සිව්වැනි අදියරේ බඩවැල් පිළිකාවකින් පෙළෙනවා.

රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි ඇය පවසන්නේ.

ළමා හෙදියක් වන ඇය නිර්මාංශ ආහාර ගැනීමෙන් ඇතිවු අඩු යකඩ ප්‍රමාණය සහ ආතති සහගත රැකියාව නිසා තම රෝග ලක්ෂණ පිළිබද වැඩි සැලකිල්ලක් නොදැක්වුවා.

පසුව ඇතිවූ උදර වේදනාව, බර අඩුවීම සහ වැසිකිළියේදි සිදුවු අධික රුධිර වහනය හේතුවෙන් ඇය කොලොනොස්කොපි [Colonoscopy] පරීක්ෂාවකට ලක් කෙරුණා.

එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කළේ ඇය බඩවැල් පිළිකාවකට ගොදුරු වී ඇති බවයි.

නීනා මේ වන විට සිය 50 වැනි රසායනික වෛද්‍ය ප්‍රතිකාරයට ලක්කර ඇති අතර ඇයගේ අවයව රැසක් ඉවත් කළ විශාල ශල්‍යකර්ම දෙකක් ද සිදු කර තිබෙනවා.

රෝග ලක්ෂණ පිළිබද නිසි ලෙස සැලකිලිමත් වීම ඉතා වැදගත් වන අතර බඩවැල් පිළිකාව වයස්ගත පුද්ගලයින්ට පමණක් සීමා වී නොමැති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »