
චීන හමුදා ගොඩනැගීම් මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාවට එක්සත් ජනපදය මත පමණක් විශ්වාසය තැබිය නොහැකි බවට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් [Richard Marles] අනතුරු අගවනවා.
චීනයේ වේගවත් හමුදා ගොඩනැගීම් මැඩපැවැත්වීම සඳහා කලාපීය ආරක්ෂාවට දායක වන ලෙස ආසියා-පැසිෆික් කලාපයේ ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයන්ට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් [Pete Hegseth] කළ ඉල්ලීමකට ආරක්ෂක අමාත්‍යවරයා සහාය පළ කර තිබෙනවා.
සිංගප්පූරුවේ පැවති ගෝලීය ආරක්ෂක සමුළුවකදී මාල්ස් අනතුරු ඇඟවූයේ චීනය දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම සාම්ප්‍රදායික මිලිටරි ගොඩනැගීම ආරම්භ කර ඇති බවයි.

කිසිදු උපායමාර්ගික විනිවිදභාවයක් හෝ සහතිකයක් ලබා නොදී එය ක්‍රියාත්මක කරන බව ද ඔහු සදහන් කළා.
ඉන්දු-පැසිෆික් කලාපය සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කරමින් ඔහු කියාසිටියේ මේ සදහා ඇමරිකාවට පමණක් බර පැවරිය නොහැකි අතර ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල් ද මීට දායක විය යුතු බවයි.
