
වික්ටෝරියා හි ග්‍රාමීය නගරයකදී සිදු වූ කලහකාරී හැසිරීමකින් පිරිමි පුද්ගලයින් හතර දෙනෙකුට පිහි ඇන්න කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මුලින්ම නිකල්සන් වීදියේ වූල්වර්ත්ස් හි මිනිසුන් වෙත ළඟා වන අයුරු සීසිටීවී දර්ශනවල දක්නට ලැබෙනවා.
24 හැවිරිදි මෙම කාන්තාව සහ ගබඩාවේ සේවකයෙකු වන 45 හැවිරිදි පිරිමියෙකු අතර ගැටුමකින් පසු

ඔහුගේ බඩට පිහියෙන් ඇන ඇති බව සඳහන්.
කාන්තාව ගබඩාවෙන් පිටව ගොස් අසල පිහිටි මැක්ඩොනල්ඩ්ස් වෙත යාමට මෝටර් රථයේ සිටි 21 හැවිරිදි පිරිමියෙකු වෙත ගොස් ලිෆ්ට් එකක් ඉල්ලා සිටියා.

කාන්තාව එහිදී මෝටර් රථයේ තරුණයාගේ බඩට පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව කාන්තාව ග්‍රෑන්ඩ් ටර්මිනස් හෝටලයේ මැක්ලියෝඩ් වීදියේ පබ් එකකට ගොස් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ අතට පිහියෙන් ඇන ඇති බව පොලිසිය පැවසුවා.
කාන්තාවගේ කෝපයේ අවසාන නැවතුම බෙයාන්ස්ඩේල් දුම්රිය ස්ථානය වූ අතර එහිදී ඇය වයස අවුරුදු 25 ක පිරිමියෙකු සමඟ තවත් ගැටුමකට පැටලී ඔහුගේ උරහිසට පිහියෙන් ඇන තිබෙනවා.
පසුව පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර බරපතල තත්වයේ පසුවන පළමු වින්දිතයා මෙල්බන් රෝහලක් වෙත ගුවනින් රැගෙන ගොස් තිබෙනවා.
අනෙක් පිරිමින් තිදෙනාම සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් බෙයාන්ස්ඩේල් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඇගේ අරමුණ කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.