Search

වීඩියෝ කළ හැකි Smart කණ්නාඩියක් ගැන අනතුරු ඇඟවීමක්

ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයට බරපතල තර්ජනයක් වන Smart කණ්නාඩි දැන් රටපුරා බරපතල අවදානමක් ගෙන ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවනවා.

මෙම Smart කණ්නාඩි බොහෝ විට සාමාන්‍ය ඇස් කණ්ණාඩි වලට සමාන වන අතර discreet cameras, microphones සහ display screens සහිත lenses වලින් මෙය සමන්විත වනවා.

ඒවා ආකර්ෂණීය විලාසිතාවන්ගෙන් මෙන්ම විවිධ function සමග අලෙවි කරනු ලබනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාල පර්යේෂණයකින් හෙළි වූයේ ඕස්ට්‍රේලියාවේ  Smart කණ්නාඩි භාවිතකරන්නන්ගෙන් සියයට 13.5 ක් රිය පැදවීමේදී හෝ බයිසිකල් පැදීමේදී භාවිතා කර ඇති බවයි.

එමෙන්ම Smart කණ්නාඩි මගින් අනෙක් පාර්ශවයගේ කිසිදු අවසරයකින් තොරව වීඩියෝගත කරන බවද සඳහන්.

විශේෂඥයෙකු වන මහාචාර්ය හුසේන් ඩියා, කියාසිටියේ Smart කණ්නාඩි මාර්ග ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය යන දෙකටම පුළුල් තර්ජනයක් වීමට පෙර රජය විසින් දැඩි නියාමනයක් පැනවිය යුතු බවයි.

මෙම කණ්නාඩි මඟින් උපාංගයේම වීඩියෝ පටිගත කර ගබඩා කළ හැකිවා පමණක් නොව, mobile app සමඟ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීම ද සිදුකළ හැකිවීම අවදානම් බවයි විශේෂඥයා සඳහන්කළා.

රේ-බෑන්, මෙටා, ඇමේසන් සහ ගූගල් වැනි ප්‍රධාන වෙළඳ නාම සියල්ලම මෙම Smart කණ්නාඩි අලෙවිය සිදුකරන අතර මේ සම්බන්ධයෙන් ඉක්මනින් නීතිමය පියවරක් ගන්නා ලෙසයි මහාචාර්යවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »