
ඔස්ට්‍රේලියාවේ තාරකා විද්‍යාඥයින් පිරිසක් ක්ෂීරපථයේ කේන්ද්‍රය දෙසට පැමිණෙන ඉතා අමුතු රේඩියෝ සංඥා කිහිපයක් පිළිබඳ සොයාගෙන තිබෙනවා.
මෙම “දිගු කාලීන රේඩියෝ සංක්‍රාන්ති” හෙවත් LPT මගින් X-ray pulses, යවන අතර එය මෙතෙක් වාර්තා වූ අමුතුම සොයාගැනීමක් බවටයි පත් ඇත්තේ.
Curtin විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ Ziteng Andy Wang, නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක්, බටහිර ඕස්ට්‍රේලියාවේ Australian Square හි කිලෝමීටර Array Pathfinder දුරේක්ෂය (ASKAP) විසින් ග්‍රහණය කරගත් දත්තවල රේඩියෝ සංඥාවක් මුලින්ම අනාවරණය කර ගෙන තිබෙනවා.

ASKAP J1832-0911 ලෙස නම් කරන ලද මෙම වස්තුව සෑම මිනිත්තු 44 කට වරක් මිනිත්තු දෙකක් රේඩියෝ තරංග යවා ඇති බවයි එහිදී අනාවරණය වී තිබුණේ.
රේඩියෝ තරංග සමඟම X-ray pulses සිදුවන බව දුටු විට තමා “තරමක් පුදුමයට පත් වූ” අතර “ඒක ලොකු සොයාගැනීමක්,” බවයි ආචාර්ය වැන්ග් පවසන්නේ.

එය කුමක් වුවත්, එම වස්තුවට අතිශයින් ශක්තිමත් චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එය පෘථිවියේ මෙන් බිලියන ගණනක ගුණයක් වනු ඇති බව මැක්වරි විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ ස්ටුවර්ට් රයිඩර් කියාසිටියා.