
දුම්පානය කරන්නන් අඩුවුවද Vaping භාවිත කරන තරණයින්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි නව දත්ත වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය ආයතනයේ 2024 ජනගහන සෞඛ්‍ය සමීක්ෂණයේ දත්ත වලට අනුවයි මේ බව හෙළි වී ඇත්තේ.
2018 සහ 2023 අතර කාලය තුළ Vaping භාවිතය ශීඝ්‍ර වැඩිවීමක් හේතුවෙන් වයස අවුරුදු 16 ත් 24 ත් අතර පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මෙම පුරුද්දට ඇබ්බැහි වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රධාන පිළිකා නිලධාරි සහ පිළිකා ආයතනයේ ප්‍රධාන විධායක මහාචාර්ය ට්‍රේසි ඕ’බ්‍රයන් පැවසුවේ smoking සහ vaping කිරීම සෞඛ්‍යයට කළ හැකි නරකම හානියක් බවයි.
නිව් සවුත්වේල්ස් හි අකල් මරණ සඳහා දුම්පානය ප්‍රධාන හේතුවක් වන අතර, දුම්පානයෙන් ධනාත්මක අඩුවීමක් පෙන්නුම් කළද දැන් vaping භාවිතයෙන් රටට විශාල හානියක් සිදුවනු ඇති බව ඕ’බ්‍රයන් පැවසුවා.

vaping වලින් රසායනික ද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ආශ්වාස කිරීම පිළිකා, හෘද රෝග සහ පෙනහළු හානි ඇති කරන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.
තරුණයින් තුළ නිකොටින් සහිත vaping නිතිපතා භාවිතා කිරීම මොළයේ වර්ධනයට වෙනස්කම් ඇති කළ හැකි අතර මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ වැඩි කළ හැකියි.
vaping කිරීම තුරන් කිරීමේ උත්සාහයක් ලෙස, මින්ස් රජය education campaigns දියත් කර ඇති අතර නිෂ්පාදනයේ සැපයුම මර්දනය කිරීමේ වැඩපිළිවෙළවල් සකස්කරමින් පවතිනවා.
පරිශීලකයින්ට ඔවුන්ගේ දුම්පානය නතර කිරීමේ ගමනට උපකාර කිරීම සඳහා මෙවලම් සහ ඉඟි ලබා දීම සඳහා Pave app එකද දියත් කර තිබෙනවා.