Search

වැරදි පුරුද්දක් නිසා ඕස්ට්‍රේලියානුවන්ට හෘදයාබාද අවදානම්

කංසා භාවිත කිරීම හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව සමීක්ෂණයකින් අනාවරන වී තිබෙනවා.

මෙම සොයා ගැනීම සිදු කළ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සැන් ෆ්‍රැන්සිස්කෝ කණ්ඩායම අනතුරු අඟවන්නේ සතියකට අවම වශයෙන් තුන් වතාවක් කංසා ශාකයේ මල් නැතහොත් මරිජුවානා භාවිත කළ හෝ ආහාරයට ගතහොත් එම පුද්ගලයින්ගේ රුධිර නාල වලට හානි සිදුවන බවයි.

මෙය රුධිර වාහිනී හැකිලීමට හේතු වන අතර, රුධිර කැටි ගැසීමේ අවදානම වැඩි කරනු ලබනවා.

ඒ තුලින් කිරීටක ධමනි රෝග, හෘදයාබාධ සහ ආඝාතයට හේතු විය හැකි බවද පර්යේෂණ කණ්ඩායම අනතුරු අඟවනවා.

මෑත කාලීන අධ්‍යයනයන් මගින් කංසා දුම්පානය හෘද රෝග ඇති කරන බව සොයාගෙන තිබුනද මෙය හෘදයට සිදුවන හානිය පෙන්නුම් කළ පළමු පරීක්ෂණය බවද පර්යේශකයින් පෙන්වා දෙනවා.

UCSF හි අධ්‍යයන සම-කර්තෘ සහ වෛද්‍ය මහාචාර්ය මැතිව් ස්ප්‍රින්ගර් පැවසුවේ කංසා භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවයි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, ඕස්ට්‍රේලියාවේ දෛනික කංසා භාවිතය 2019 දී සියයට 14 ක්ව තිබූ අතර 2022–2023 දී සියයට 18 දක්වා වැඩිවී තිබෙනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »