
ඕස්ට්‍රේලියානුවන්අප්‍රේල් මාසයේදී පෙර මාසයට වඩා අඩුවෙන් මුදල් වියදම් කර තිබෙන බව වාර්තාවක් මගින් අනාවරනය වී තිබෙනවා.
එයට හේතුව උණුසුම් කාලගුණය නිසා ශීත ඇදුම් මිලදී ගැනීමට සාප්පු වෙත යන පාරිභෝගික පිරිස අවම වීමයි.
අප්‍රේල් මාසය සඳහා උණුසුම් කාලගුණය නිසා ඇඳුම් පැළඳුම්, විශේෂයෙන් ශීත සෘතු තොග මිලදී ගැනීම් ජනතාව ප්‍රමාද කළ බව ඇඳුම් සිල්ලර වෙළෙන්දන් සදහන් කර තිබෙනවා.

ABS ව්‍යාපාර සංඛ්‍යාලේඛන ප්‍රධානී රොබට් එවින්ග් සදහන් කලේ පාස්කු සහ ඇන්සැක් දින දිගු සති අන්තවලදී හෝ පරිභෝජනය ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කළද එය එසේ සිදු නොවූ බවයි.
අප්‍රේල් මාසය සඳහා ඇඳුම් සහ පාවහන් මගින් ලැබීමට නියමිතව තිබූ ආදායමද සියයට 2.5 කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබූ බවද ව්‍යාපාරිකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, Alfred සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ක්වීන්ස්ලන්ඩ් ආශ්‍රිත වැසියන් රෙදිපිලි සහ සපත්තු මෙන්ම ගෘහ උපකරණ සදහා වැඩිපුර වියදම් කළ බැවින් ක්වින්ස්ලන්ඩ් ආශ්‍රිතව ව්‍යාපාර වල නව පිබිදීමක් සිදුව තිබෙනවා.