
කෝක්, පළතුරු යුෂ සහ sports drinks වැනි සීනි සහිත පාන වර්ග සඳහා නව බද්දක් පැනවිය යුතු බව කම්කරු පක්ශ මන්ත්‍රීරවරයකු විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
දියවැඩියා වසංගතය පිළිබඳ මතභේදාත්මක ජාතික පරීක්ෂණයකින් පසුව මෙම බද්ද නිර්දේශ කිරීමට ඉල්ලීම් කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කර තිබෙන්නේ.
සිඩ්නි හි නිරිතදිග මායිමේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය මයික් ෆ්‍රීලැන්ඩර් සදහන් කරන්නේ සීනි-පැණි රස පාන වර්ග සඳහා බද්දක් පැනවීමට තමන් ද සහාය වන බවයි.

වෛද්‍ය පුහුණුව ලත් වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ෆ්‍රීලැන්ඩර්, අගමැති ඇන්තනි ඇල්බනීස්ගෙන් ඉල්ලා සිටියේ, ඔහු සභාපතිත්වය දැරූ පාර්ලිමේන්තු පරීක්ෂණයක් මගින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සහාය ලබාදෙන ලෙසයි.
පාන වර්ග නිෂ්පාදකයින්ට සෞඛ්‍ය සම්පන්න පාන වර්ග නිපදවීමට බල කිරීම සඳහා වෛද්‍ය ෆ්‍රීලැන්ඩර් සභාපතිත්වය දැරූ පාර්ලිමේන්තු පරීක්ෂණයක් මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුනා.

මෙම බද්ද නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල සීනි ප්‍රමාණය අඩු කිරීමට දිරිමත් කිරීමේ ක්‍රමයක් වන අතර ප්‍රජා සෞඛ්‍ය සහ යහපැවැත්මට ලැබෙන ප්‍රතිලාභ ඉහල දැමීමටද උපයෝගී වන බවද ආචාර්ය ෆ්‍රීලෑන්ඩර් පෙන්වා දෙනවා.