
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව අද ඔස්ටේ්‍රලියානුවන්ට උදාවනවා.
මෙය 2019 න් පසු සිදු වන පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය වන අතර ඔස්ටේ්‍රලියාව / ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශ / දකුණු ඇමරිකාවේ බටහිර කොටස් සහ ගිනිකොනදිග ආසියාව වැනි ප්‍රදේශවලට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස එය දිස්වනවා.
මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස ලාංකිකයන්ට දැකබලාගත හැකියි.

මෛම ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහලින් පිහිටන බැවින් පුර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ.
එහි අවසන් කොටස පමණක් ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වනවා.

මේ අතර ජුනි 10 වන දින වළයාකාර සූර්යජග්‍රහණයක් සිදුවන නමුත් එය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ.