
ඔස්ට්‍රේලියාවේ පවුලක් බැංකුවක් හරහා වංචාවකරුවන්ට ගෙවන ලද ඩොලර් 252,000 මුදලක් බැංකුව විසින් නැවත ලබාදී තිබෙනවා.
ඔවුන්ගේ ව්‍යාපාරික නීතිඥයාගේ ඊමේල් ලිපිනයට හා සමාන ඊමේල් ලිපියකින් මුදල් ගෙවීමක් කරන ලෙස තිබූ විස්තර අනුව ඔවුන් මුදල් යැවීමක් සිදුකර තිබුනා.
බැංකු ශාඛාවකින් මුදල් යැවීම වඩාත් ආරක්ෂිත බව සිතූ ඔවුන් ANZ බැංකුවක් හරහා මුදල් යවා ඇති අතර බැංකු නිලධාරියා එය වංචාවක් බව හඳුනාගැනීමට අසමත් වී ඇති බව බැංකුව කියා සිටියා.

මේ පිලිබඳව සලකා බලමින් ANZ බැංකුව මුලු මුදලම ආපසු ලබාදීමට එකග වී තිබෙනවා.
ප්‍රකාශයක් නිකුත් කරමින් බැංකුව සදහන් කලේ වංචාකරුවන් වඩාත් උපක්‍රමශීලි ක්‍රමයන් භාවිත කිරීම නිසා බැංකු පද්ධතියේ ආරක්ෂක ක්‍රම වෙනස් කරමින් සිටින බවයි.

සැකසහිත දෙයක් සිදුවුවහොත් වහාම බැංකුව දැනුවත් කරන ලෙස සහ සහයෝගය ලබාගන්නා ලෙස ඔවුන් ජනතාව දැනුවත්කර සිටියා.