
නව දුම්රිය වැටුප් ගිවිසුමට රජය එකඟ වීම හේතුවෙන් දුම්රිය සංගම් වැඩවර්ජන හා විරෝධතා නවතා දමා තිබෙනවා.
මේ හේතුවෙන් රජය සහ ඒකාබද්ධ දුම්රිය සංගම් අතර වූ දීර්ඝ හා උණුසුම් සටන අවසන් වී ඇති බවයි වාර්තා වනේ.
Fair Work Commission තුළදී මේ ගිවිසුම ක්‍රියාත්මක කිරිමට රජය හා දුම්රිය සංගම් එකඟත්වය පළකර තිබුනා.

එමගින් ඉදිරි අවුරුදු 3 තුළ සේවකයන්ට 12%ක වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිතයි.
සිඩ්නි දුම්රිය ජාලයට විශාල බාධා ඇති කළ වැඩ වර්ජන මෙම ගිවිසුම මගින් අවසන් වී ඇති බව රජය අවධාරණය කර සිටියා.
