
ජාත්‍යන්තර අධ්‍යාපනයට ඇමරිකාවට පසු ඊළඟ හොඳම විකල්පය ඔස්ට්‍රේලියාව බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන විශේෂඥ මහාචාර්ය ඇන්ඩෲ නෝර්ටන් පවසනවා.
ඊයේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අත්හිටුවීමට ඊයේ තීන්දු කළා.
මහාචාර්යවරයා කියාසිටියේ ඇමරිකාවේ උසස්ම විශ්ව විද්‍යාලවලට යා නොහැකි නම් හොඳම අවස්ථාව ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල බවයි.

යකඩ ලෝපස්, ගල් අඟුරු සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදනවලින් පසු ඕස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම අපනයනය අධ්‍යාපනයයි.
නමුත් සෙනෙට් අනුමැතිය ඇතිව වාර්ෂිකව නව බඳවා ගැනීම් සංඛ්‍යාව 270,000 දක්වා සීමා කිරීමට කම්කරු පක්ෂය උත්සාහ කරන බැවින්, නව සංක්‍රමණික රැල්ලක් ඇති කිරීමට ඉඩක් නොමැති බවද මහාචාර්යවරයා පෙන්වාදෙනවා.

පසුගිය බදාදා කැන්බරා හි විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් රැස්වී ඇති අතර, එහිදී එක්සත් ජනපදයට යාමට ඉඩ තිබූ ජාත්‍යන්තර සිසුන්ගේ අයදුම්පත් වලින් මෙරට පිරී ඉතිරී යාමේ අවදානමක් ඇති බවටයි ඔවුන් සැකපළකර ඇත්තේ.
ඇමරිකාවේ මෙන් නොව ඕස්ට්‍රේලියාවේ, සිසුන්ට සතියකට පැය 30ක් වැඩ කළ හැකි අතර, ඔවුන් ශාස්ත්‍රපති උපාධියක් හදාරන්නේ නම්, ඔවුන්ට රැකියා අයිතිවාසිකම් ඇති විවාහකයා ඕස්ට්‍රේලියාවට ගෙන ඒමටද හැකියාව පවතිනවා.
මේ අතර සිඩ්නි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය සැල්වෝටෝර් බබෝන්ස් පැවසුවේ ජාත්‍යන්තර සිසුන් බොහෝවිට රැකියා වීසා ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පෙළඹෙන බවයි.
මහාචාර්ය බබෝන්ස් පැවසුවේ සිසුන් ගෙදර යැවීම සඳහා යම් මුදලක් උපයා ගැනීම සඳහා ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණීමට හේතු වී ඇති බවයි.