Search

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක සහ විශ්වාස කළ නොහැකි වෙළඳ නාම

සමීක්ෂණ ආයතනයක් වන Roy Morgan විසින් 2025 මාර්තු මාස‍යෙන් අවසන් වන වර්ශය සදහා වෙළඳ නාම පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

වඩාත්ම විශ්වාසවන්ත වෙළඳ නාම 10 ක් සහ විශ්වාස කල නොහැකි වෙළඳ නාම 10 ක් වාර්තාවේ ඇතුළත් වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනතාව අතර වැඩියෙන්ම විශ්වාසය දිනාගත් වෙළඳ නාම  අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ Bunnings Warehouse සදහායී.

දෙවන ස්ථානය Aldi හිමිකරගත් අතර Kmart තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා.

අනෙකුත් ස්ථාන පිළිවලින් Apple,Toyota,Australia Post,Big W,Myer,NRMA, හා JB Hi-Fi හිමිකරගනු ලැබුවා

තවද මිල වැඩිවීම, වංචනික ක්‍රියා,පෞද්ගලිකත්ව උල්ලංඝන යන හේතූන් නිසා  ඔස්ට්‍රේලියානුවන් විශ්වාස නොකරන වෙළඳ නාම අතරින් ඉහලින්ම සිටින්නෙ Woolworths සමාගමයි.

එහි දෙවන ස්ථනයට Coles නම්කර ඇති අතර තුන්වන ස්ථානය Optus ලෙසයි වාර්තා වන්නේ.

අනෙකුත් ස්ථාන පිළිවලින් Facebook and Meta,Qantas ,Telstra, Temu, X (Twitter) ,News Corp Australia,Tesla නම්කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »