
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන දෙදරු මවක් වූ Brooke Ferrier තම පවුලේ සතිපතා කෑම සැලසුම් සඳහා කෘතිම බුද්ධිය භාවිතා කර තිබෙනවා.
එමගින් බඩු මිලදී ගැනීම සදහා වැය වන මුදලින් භාගයකටත් වඩා අඩු කර ගැනීමට හැකි වූ බව ඇය පවසා සිටියා.
තමාගේ සහ සැමියාගේ රැකියාවන් අහිමි වීමෙන් පසුව ඇය වියදම් පාලනයට යොමු වී ඇති අතර ඇය ඒ සදහා ChatGPT භාවිතා කර තිබෙනවා.

ඇය වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු සඳහා අඩු වියදම් ආහාර සැලැස්මක් ChatGPT ගෙන් ඉල්ලා සිටි අතර එමගින් ඉතාමත් ප්‍රායෝගික ආහාර වට්ටොරු ලැබුනු බව ඇය කියා සිටියා.
තවද ChatGPT මඟින් සුපිරි වෙළඳසැල් වල මිල ගණන් සංසන්දනය කර නිශ්චිත ප්‍රමාණයන්ද සමඟ වර්ගීකරණය කරන ලද බඩු ලැයිස්තුවක් ඇයට නිර්මාණය කර දි තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෑම දින හතරකට හෝ පහකට වරක් ඩොලර් 400ක් හෝ 500ක් වියදම් වූ ඇයට සතියකට අවශ්‍ය ආහාර සදහා ඩොලර් 140 ක් පමණක් වියදම් වූ බව ඇය කියා සිටියා.
මේ පිලිබඳ අදහස් දැක්වූ ආහාර විශේෂඥයින් කියා සිටියේ AI මගින් අහාර සැලසුම් කිරීම බොහෝ වැරදි තීරණ වලින් වැළකී සිටීමට උපකාරී වන බවයි.