
SpaceX හිමිකරු Elon Musk කියා සිටින්නේ ඔහුගේ නවතම විශාල අභ්‍යවකාශ යානය වන Starship, 2026 අවසානයේ අඟහරු ග්‍රහයා වෙත යැවීමට සැලසුම් කරමින් සිටින බවයි.
Starship මේ වන විට කිහිප වතාවක් පරීක්ෂණ ගමන්වලදී අසාර්ථක වී ඇතත් Elon Musk ට මේ පිලිබඳ දැඩි විශ්වාසයක් ඇති බව ප්‍රකාශකර සිටියා.
ඒ අනුව Tesla ආයතනයේ නිපදවූ Optimus නම් රොබෝවරුන් පළමු ගමනට යොදා ගන්නා අතර දෙවැනි හෝ තුන්වැනි ගමන්වලදී මිනිසුන් යොදාගැනීමට සැලසුම්කර තිබෙනවා.

2026 වසරේ අවසාන කාලය මේ සදහා තෝරා ගැනීමට හේතුව එම කාලයේදී අඟහරු ග්‍රහයා සහ පෘථිවිය එකිනෙකට ඉතා ආසන්නව පවතින නිසා බව SpaceX කාර්යමණ්ඩලය කියා සිටියා.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමට 50%කට ආසන්න අවස්ථාවක් ඇති බවත් එය අසාර්ථක වුවහොත් තවත් අවුරුදු 2කින් පසුව නැවත උත්සාහයක් ගන්නා බවත් Elon Musk සඳහන් කර තිබෙනවා.
