Search

ඉක්මනින් COVID-19 booster එන්නත ලබා ගන්නා ලෙස විශේෂඥයින් ඉල්ලයි

ඔස්ට්‍රේලියාව පුරා නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ජනතාවට COVID-19 booster එන්නත් ලබා ගන්නා ලෙස විශේෂඥයින් ඉල්ලා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක්ද බටහිර ඔස්ට්‍රේලියාවේ සහ New South Wales හි 25% ක් ද  Queensland වලින් 20% ක් පමණ රෝගීන් ප්‍රමාණයක්ද දැනට හදුනාගෙන තිබෙනවා.

නමුත් COVID රෝගීන් වාර්තා කිරීම තවදුරටත් අනිවාර්ය නොවන නිසා බොහෝ දුරට මෙම සංඛ්‍යාලේඛන ඉදිරියේදී ඉතා ඉක්මනින් වැඩි වන බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.

 

පසුගිය මාස 12 තුළ ෆාමසියකින් හෝ වෛද්‍යවරයෙකුගෙන් booster එන්නත ලබා නොගත් සියලුම පුද්ගලින් නොමිලේ එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අවධාරණය කර සිටියා.

මෙම නව ප්‍රභේදය ඉතාම ඉක්මනින් පැතිරෙමින් පවතින අතර, මේ වසරේදී පමණක් ඔස්ට්‍රේලියානුවන් 500ක් COVID හේතුවෙන් මියගොස් තිබෙනවා.

නව කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණ අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද වෛද්‍ය Herrero ප්‍රකාශ කර සිටියා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »