Search

වික්ටෝරියාවට නව කාලගුණ අනාවැකියක්

 

වික්ටෝරියාව සදහා නව කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියාවේ උණුසුම්ම autumn එක මේ වනවිට වාර්තා කර ඇති අතර, New South Wales දෙවන උණුසුම්ම කාලගුණය වාර්තා කර තිබෙනවා.
දකුණු සහ බටහිර ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ තුන්වන උණුසුම්ම autumn එක වාර්තා කර ඇති බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.
කාලගුණ විද්‍යා කාර්යාලය [BoM] නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ උතුරු සහ නැගෙනහිර ඕස්ට්‍රේලියාවට දැඩි ශීත කාලගුණයක් පවතින අතර දකුණු ප්‍රදේශය බොහෝ වියළි වනු ඇති බවයි.
නිවර්තන උතුරු, ගිනිකොන සහ නිරිතදිග ප්‍රදේශවල සාමාන්‍ය ශීත වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර වාර්තාගත අඩු වර්ෂාපතනයක් ඇති දකුණු ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රදේශ ද මෙම winter එකේදී අකාලයේ ගිනි ඇතිවීමේ අවදානමට මුහුණ දී ඇති බවයි වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
මෙම සමය සාමාන්‍ය උණුසුම් අගයට වඩා වැඩි අගයක් වාර්තා කර ඇති අතර දකුණු සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගන්නා බව ද වාර්තා කර තිබෙනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »