Search

Superannuation එකේ ජූලි 1 සිට සිදුවන වෙනස්කම්

ජූලි පළමු වනදා සිට Superannuation හි වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි.

විශ්‍රාම වැටුප් අනුපාතය සියයට 11.5 සිට 12 දක්වා වැඩි කිරීමටයි පසුගියදා අයවැයෙන් තීරණය කර ඇත්තේ..

එය 2021 වසරේ සිට නියමිත වැඩිවීම් මාලාවේ පස්වන හෙවත් අවසන් අදියර වනවා.

එමෙන්ම ඩොලර් මිලියන 3 ක් හෝ ඊට වැඩි ශේෂයන් සහිත Superannuation ගිණුම්වල ඉපැයීමට සියයට 15 ක සහනදායී බද්දක් ජූලි පළමු වනදා සිට ක්‍රියාත්මකයි.

ලේබර් රජය පවසන්නේ Super ගිණුමක් ඇති ඕස්ට්‍රේලියානුවන්ගෙන් ධනවත්ම සියයට 0.5 කට එනම් පුද්ගලයින් 80,000 කට පමණ මෙය බලපානු ඇති බවයි.

මේ අතර නව නීති වෙනස් කිරීම් පිළිබඳ වැරදි මත සමාජය වෙතින් වාර්තා වනවා.

Superannuation එකෙන් මුදල් ආපසු ගැනීම් සහ ගිණුමක් ආරම්භ කළ හැකි වයස අවුරුදු 60 සිට 70 දක්වා ඉහළ නැංවීම වැනි ව්‍යාජ තොරතුරු ඒ අතර වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »