
කුණු කසල බැහැර කිරීම පිළිබද ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක මායිමේ පිහිටි පොදු ඉඩමකට දැව අපද්‍රව්‍ය ටොන් ගණනක් බැහැර කරමින් සිටියදී අල්ලා ගත් පුද්ගලයෙකුට ඩොලර් [$] 30,000 ක දඩයක් නියම කෙරුණා.
එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් හෝන්ස්බි ෂයර් [Hornsby Shire] කවුන්සිලයට ලැබී තිබුණා.

අදාළ අපද්‍රව්‍ය ඉවත් කරන ලෙස කවුන්සිලය ඔහුගෙන් ඉල්ලා සිටි අතර ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අපද්‍රව්‍ය නීති විරෝධී ලෙස බැහැර කිරීමට සම්බන්ධ පුද්ගලයින්ට පරිසර ආරක්ෂණ මෙහෙයුම් පනත යටතේ සැලකිය යුතු දඩ මුදල් පනවන බවයි කවුන්සිලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

සියලු අපද්‍රව්‍ය නීතිමය කසළ මධ්‍යස්ථානයකට ලබාදිය යුතු අතර නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීමෙන් පිරිසිදු කිරීමේ කටයුතුවලට සභාවට විශාල වියදමක් දැරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.