
පොලිස් නිලතල සදහා බලතල ලබා දීම සම්බන්ධ නීති වෙනස් කිරීමට වික්ටෝරියානු රජය විසින් සැලසුම් කර තිබෙනවා.
මෙහිදී ප්‍රදාන ලෙස අවදානය යොමු වී ඇත්තේ වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස සිටි කිවි හි ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලතල සීමා කිරීම සම්බන්ධවයි.
මේ මස මුලදී, විශ්වාසභංග යෝජනාවකින් පසු ඉල්ලා අස්වීමට සිදු වූ ෂේන් පැටන් වෙනුවට වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන කොමසාරිස් මයික් බුෂ් ජුනි 27 වන දින සිට සිය තනතුරේ වැඩ භාරගන්නා බව රජය නිවේදනය කලා.

Mike Bush නවසීලන්ත හිටපු පොලිස් කොමසාරිස්වරයකු වන බවයි වාර්තා වී තිබුනේ.
ඔහු 2014 වසරේ සිට 2020 විශ්‍රාම යන තෙක් නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.

එහෙත් ඕස්ට්‍රේලියානු නොවන පුරවැසියෙකුගේ භූමිකාව තුල ගැටලු ඇතිවීම වැලැක්වීම සදහා කඩිනමින් නීති වෙනසක් කිරීමට සිදු වන බවයි වික්ටෝරියානු රජය පවසන්නේ.
පත්වීම් ක්‍රියාවලිය සඳහා ලිපි ලේඛන සකස් කිරීමේදී රජය මෙම කොන්දේසිය සොයා ගත් බව අගමැතිනි ජසින්ටා ඇලන් සදහන් කර තිබෙනවා.යල් පැන ගිය නීති වෙනුවට නව නීති ගෙන ඒම තුලින් ලොව පුරා සිටින හොඳම සහ දක්ශ පුද්ගලයින් ආකර්ශනය කර ගැනීමට ලැබෙන බව අගමැතිවරිය පෙන්වා දෙනවා.
මීට අදාලව රජය අද පාර්ලිමේන්තුව හරහා “හදිසි සංශෝධනයක්” සම්මත කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.