
නව කියෝස්ක් [kiosks] හේතුවෙන් Sydney ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටීමේ කාලය අඩු වී ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර පැමිණීම් සඳහා නව SmartGate kiosks අටක් Sydney ගුවන්තොටුපළේ මේ වනවිට ස්ථාපනය කර තිබෙනවා.
ඉන් රැඳී සිටීමේ කාලය සියයට 10 කින් අඩු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

kiosks යනු ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතියයි.
එමඟින් ජාත්‍යන්තර සංචාරකයින්ට වේගවත් පැමිණීමක් සඳහා ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කර තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම වසරේ ජාත්‍යන්තර පර්යන්තයේ නව kiosks ස්ථාපනය කිරීමෙන් පැයකට අමතර සංචාරකයින් 640 ක් සැකසීමටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
මේ අතර ලබන වසරේ මුල් භාගය වන විට තවත් kiosks 32ක් ස්ථාපනය කිරීමට නියමිත අතර ඉන් පවතින kiosks ගණන දෙගුණ වනවා.
එමගින් දේශසීමා ආරක්ෂාව පවත්වා ගැනීමට සහ පැමිණෙන මගීන්ගේ කටයුතු විධිමත් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
ජාත්‍යන්තර පර්යන්තයේ ආරක්ෂක පරීක්ෂාව සඳහා වැඩිදියුණු කිරීම් ද සිදුවෙමින් පවතින අතර, නව CT Scaning මංතීරු 15න් 7ක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.