
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකල විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවාව පැය විසිහතර පුරා සිදු කිරීම හෙටින් අවසන් වනවා.
මෙම සේවාව ක්‍රියාත්මක වීම 2025.02.18 දින සිට ආරම්භ වුනා.
ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා පමණයි.

බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව යටතේ සිදු කෙරෙනවා.
එක්දින සේවාව යටතේ දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද දැනුම් දී ඇති කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකි වනවා.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා සිදු කරනු ලබනවා.
ප්‍රාදේශීය කාර්යාලවල පෙර ආකාරයටම පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.