Search

සෞඛ්‍ය ගැටලුවක් නිසා සුපිරි වෙළඳසැල්වල කිරි නිෂ්පාදනයක් යළි කැඳවයි

 

 

බරපතල සෞඛ්‍ය අවදානමක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් රාක්කවලින් ජනප්‍රිය කිරි සන්නාමයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලිස්ටීරියා මොනොසයිටොජීන් [listeria monocytogenes] සමඟ ක්ෂුද්‍රජීවී දූෂණයක් පිළිබද පරීක්ෂණ මගින් අනාවරණය වීමෙන් පසු a2 කිරි සමාගමට එහි ලීටර් දෙකේ a2 සැහැල්ලු කිරි ප්‍රභේදය නැවත කැඳවන ලෙසටයි නියෝග කර ඇත්තේ.  ‍

ගර්භනී කාන්තාවන්, නූපන් ළදරුවන්, අලුත උපන් බිළිඳුන්, වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති අයට බැක්ටීරියා හේතුවෙන් දරුණු රෝගාබාධවලට ලක්වීමේ අවදානමක් පවතිනවා.

කෙසේ වෙතත්, ලිස්ටීරියා මොනොසයිටොජීන් වලින් දූෂිත ආහාර පරිභෝජනය කිරීමෙන් සාමාන්‍ය ජනතාව ද රෝගාතුර විය හැකි බවටයි ‍‍ අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර පාරිභෝගිකයින් සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් සඳහා අදාළ නිෂ්පාදන මිලදී ගත් ස්ථානයට ආපසු ලබා දිය යුතු අතර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට ද උපදෙස් ලබා දී තිබෙනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »