Search

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සිසුන්ට මහඟු අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් හට සහයක් දැක්වීමේ අරමුණින් AusLanka මාධ්‍ය ජාලය නව වැඩපිළිවෙළකට සූදානම් වනවා.

AusLanka student club ලෙස හඳුන්වාදෙන මෙම වැඩසටහන තුළින්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික සිසුන්ට සේවාවන් රැසක් ලබා දීමට අපේක්ෂා කරන අතර ඒ මගින් සිසුන් හුදෙකලාව මුහුණ දෙන ගැටළුවලට අවශ්‍ය විසඳුම් සඳහා යොමු විය යුතු නිවැරදි පාර්ශවයන් පිලිබඳ පුර්ණ දැනුවත්වීමක් ලබා ගත හැකියි .

AusLanka student club තුළින් ලබා දෙන සේවාවන් අතර, ඔස්ට්‍රේලියාව තුළ මානසික හෝ කායික පීඩනයන්ට මුහණ දී සිටින සිසුන්ට ඒ සඳහා යොමු විය යුතු බලයලත් පාර්ශවයන්ගේ සම්බන්ධීකරණය සහ මාර්ගෝපදේශනය ලබා දීම , නීතිමය උපදෙස් අවශ්‍ය සිසුන් සඳහා නිවැරදි මග පෙන්වීම , ගෘහස්ත හිංසනයෙන් වගේම අසාධාරණයන්ට ලක් වන සිසුන් කෙරෙහි නිවැරදි මග පෙන්වීම සහ රැකියා සොයා ගැනීමේ ගැටළු ඇති සිසුන්ට AusLanka business club මගින් ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව තුළ ඇති රැකියා අවස්ථා හඳුනාගෙන ඒ සඳහා ඔවුන් සම්බන්ධීකරණය කිරීම මෙහි ප්‍රමුඛ කාර්යයන් අතර වනවා.

තවදුරටත් , AusLanka Student club එකමුතුව හරහා ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාදීම හා රට තුළ සිදුවන Migration නීති වෙනස්කම් පිළිබඳවද දැනුවත් වීම සඳහා ඒ සුදුසකම් ලත් පාර්ශවයන් හා සම්බන්ධීකරණය සහ තොරතුරු ලබා දීම සිදු කෙරෙන අතර මෙය AusLanka මාධ්‍ය ජාලයේ නවමු සංකල්පයක් වනවා.

ශ්‍රී ලාංකික දුවා දරුවන් හුදෙකලා නොකර ඔවුන්ගේ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සහ සම්බන්කධීකරණය තුළින් එකිනෙකාට සහය දැක්වීමේ අපේක්ෂාවෙන් ගොඩනැගුණු AusLanka Student club සමග එකතු වීමට ඔබටත් ආරාධනා.

මෙම Link එක මගීන් ඔබටත් අප හා එක් විය හැකියි.  AusLanka Student Club

 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »