
වසර විස්සක් පුරා සිය ගණනක් පුද්ගලයින් සහ ළමුන් ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු ශල්‍ය වෛද්‍යවරයෙකුට ප්‍රංශ අධිකරණය දඬුවම් නියම කර තිබ්ව්නවා.
74 හැවිරිදි Joel Le Squirnek වෛද්‍යවරයාට වසර 20කට වැඩි සිරදඬුවමක් ලැබී ඇති අතර මේ වන විටත් ඔහු 2020දී ලබාදුන් වසර 15 සිරදඬුවමක් නිසා සිරගතව සිටීන පුද්ගලයෙක්ද වනවා.
ඒ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු ඇතුළු දරුවන් හතර දෙනෙකුට බලහත්කාරකම් සහ ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්දවයි.

ඔහු 1989 සිට 2014 දක්වා කාලය තුල වයස අවුරුදු 15ට අඩු දරුවන් 256ක් ඇතුළුව රෝගීන් 299 දෙනෙකුට විකෘති ලිංගික අපරාධ සිදුකළ බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා.
බොහෝ දෙනෙක් නිර්වින්දනය යටතේ සිටියදී හා සැත්කම් වලින් පසු අවදි වූ විට ඔහු විසින් ලිංගික අතවර සිදුකර ඇති බවයි අධිරණයයේදී හෙළි වී ඇත්තේ.

ප්‍රංශ ඉතිහාසයේ දරුනුතම ලිංගික විලෝපිකයෙකු ලෙස නම්කර ඇති Joel Le ගෙන් අපයෝජනට ලක් වූ අය, රාජ්‍ය නොවන සංවිධාන සහ වෘත්තීය සමිතිවල සාමාජිකයින් උසාවිය ඉදිරිපිට විරෝධතාවකද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.