
Medicare refunds වලින් ඩොලර් බිලියන හතරකට වඩා වැඩි මුදලක් රඳවා ගෙන සිටින බව රජය පවසනවා.
වෛද්‍යවරයෙකු හෝ විශේෂඥයෙකුගේ සායනයකට ගොස් Medicare කාඩ්පත භාවිතා කර ඇත්නම්, ඒ වෙනුවෙන් රජයෙන් මුදලක් ඔබට ලැබෙනු ඇති.
රෝගීන් 960,000 කට ඩොලර් මිලියන 260 කට වඩා මුදලක් මෙඩිකෙයා වෙනුවෙන් වෙන්කර ඇති බවයි ඔස්ට්‍රේලියා රජය කියාසිටින්නේ.

ප්‍රාන්ත මට්ටමින් ගත්කළ ඩොලර් මිලියන 81 ක් නිව් සවුත් වේල්ස් සඳහාද වික්ටෝරියානුවන්ට ඩොලර් මිලියන 64 ක්ද මෙඩිකෙයා වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට ඩොලර් මිලියන 51 ක්, බටහිර ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 30 ක් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 19 ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියා සේවා ප්‍රජා තොරතුරු නිලධාරී ජස්ටින් බොට් පවසන්නේ මෙඩිකෙයා භාවිත කිරීමෙන් පසු රෝගීන් පසුවිපරමක් නොකිරීමෙන් ඔවුන්ට හිමි මුදල් ආපසු ගෙවීමක් සිදුනොවන බවයි.
එසේම බැංකු තොරතුරු වෙනස්කර ඇත්නම් හෝ ගිණුම වසා දමා ඇතිවිට Medicare තොරතුරු යාවත්කාලීන කර නොමැති නම් එම මුදල් ලබාගැනීම සිදුනොවුනු ඇති.
එමෙන්ම වයස අවුරුදු 18 සිට 25 දක්වා ඕස්ට්‍රේලියානුවන් Medicare ගෙවීම් මග හැරෙන විශාලතම කණ්ඩායමක් ලෙසයි සැලකෙන්නේ.
මේ හේතූවෙන් MyGov ඇප් වෙත ලොග් වී සියල්ල නිවැරදි දැයි පරීක්ෂා කරන ලෙස ඕස්ට්‍රේලියා සේවා ප්‍රජා තොරතුරු නිලධාරීවරයා ඉල්ලා සිටිනවා.
එසේම Medicare හි මුදල් ගෙවිය යුතු නම්, මුදල් දින තුනක් ඇතුළත ඔබේ ගිණුමට බැර වන අතර දරුවන්ගේ මෙඩිකෙයා ගෙවීම් පිළිබඳ පරික්ෂා කරන ලෙසයි ජස්ටින් බොට් සඳහන් කළේ.