Search

බටහිර ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත වර්ෂාවක්

 

 

අකාලෙය් ඇති වූ වර්ෂාපතනයක් හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ මාර්ග කිහිපයක් වසා දමා තිබෙනවා.

වාර්තාගත වර්ෂාපතනයක් කිම්බර්ලි [Kimberley]  ප්‍රදේශයට ඇදහැලී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ් හේතුවෙන් සංචාරක සහ ව්‍යාපාරික සැලසුම් අත්හිටුවා ඇති අතර ඇතැම් සංචාරකයින් කඳවුරු බිම්වල සිරවී සිටිනවා.

Kimberley හි ඇතැම් ප්‍රදේශවලට 100 mmකට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර මැයි මාසයේ සාමාන්‍ය අගයට වඩා උෂ්ණත්වය අංශක අටක් දක්වා පහත වැටී තිබෙනවා.

මවුන්ට් බාර්නෙට් [Mount Barnett] සහ කළුඹුරු [Kalumburu] මාර්ගය අතර ගිබ් [Gibb] ගංගා මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඇද හැලෙන වර්ෂාව Kimberley කලාපයේ සමහර ප්‍රදේශ සඳහා මැයි මාසයේ වර්ෂාපතන වාර්තා බිඳ දමා තිබෙනවා.

බෲම් [Broome] ගුවන්තොටුපළේ  92 mmක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර Kalumburu හි 117mm ක් වාර්තා වුනා.

කාලගුණ විද්‍යාඥ හෙලන් රීඩ් [Helen Reid] පවසන්නේ වියළි කාලයේ වර්ෂාපතනය අසාමාන්‍ය වන අතර වර්ෂාපතන අගයන් වාර්තා පොත්වලට නව ඇතුළත් කිරීම් එකතු කර ඇති බවයි.

මේ අතර නවතම උපදෙස් සහ මාර්ග වැසීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස DFES ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »