
ජාත්‍යන්තර තැපෑලෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් ආනයනය කිරීම සම්බන්දව පුද්ගලයෙකුට හා ඔහුගේ දියණියට චෝදනා එල්ල වුනා.
ඔස්ට්‍රේලියානු Border Force නිලධාරීන් ඇමරිකාවෙන් එවා ඇති සැකසහිත පාර්සලයක් විමර්ශනය කළ අවස්ථාවේදී එහි තිබූ ලිපි අතරින් සුදු පැහැති ද්‍රවයක් සොයාගෙන තිබෙනවා.
එය පරීක්ෂා කිරීමෙන් පසු එම ද්‍රව්‍ය 80%කට වඩා පිරිසිදු අයිස් බව තහවුරු කරගනු ලැබුවා.

AFP නිලධාරීන් විසින් එම මත්ද්‍රව්‍ය ඉවත් කර එයට ව්‍යාජ ද්‍රව්‍යයක් දමා යළි පාර්සලය යොමු කර අතර එය ලබාගෙන විවෘත කරන අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනා.
පසුව Perth දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ 67 හැවිරිදි පියා වරද පිලිගත් අතර එහිදී ඔහුට වසර හයක සිරදඬුවමක් නියම වුනා.

27 හැවිරිදි දියණිය එම අවස්ථාවේ වරද පිළි නොගත් අතර වසර හතරකට පසු නඩු විභාගයකදී ඇයද වරදකරුවෙක් බවට පත්වනු ලැබුවා.
ABF කාර්යය මණ්ඩල ප්‍රධානියෙකු වන Carmen Lee සඳහන් කළේ සෑම සතියකම මිලියනයකට අධික තැපැල් භාණ්ඩ ABF නිලධාරීන් පරීක්ෂා කරන අතර එයින් බොහොමයක් තැපැල් භාණ්ඩ වල මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන බවයි.
තවද අයිස් භාවිතය නිසා දිනකට 38 දෙනෙකු රෝහල්ගත වන බවද ඔහු පවසා සිටියා.