Search

2025 ඔස්ට්‍රේලියාවේ ධනවත්ම මිනිස්සු

2025 ඔස්ට්‍රේලියාවේ ධනවතුන්ගේ ලැයිස්තුව සහ ඔවුන්ගේ වත්කම් පිළිබඳ හෙළිදරව් කර තිබෙනවා.

ඒ අනුව 6 වන වරටත් අඛන්ඩව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට Gina Rinehart ට හැකිවී තිබෙනවා.

යකඩ ලෝපස් මිල පහත වැටීම හේතුවෙන් ඩොලර් බිලියන 38.1 ක ධනයකින් සියයට 6 ක පහත වැටීමක් තිබියදීත් ඇය මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.

දේපල සංවර්ධක Harry Triguboff ඩොලර් බිලියන 29.7 ක් සමඟ 2 වන ස්ථානයේ රැඳී සිටින අතර ඇසුරුම්කරණ රජු Anthony Pratt ඩොලර් බිලියන 25.9 ක් සමඟ තෙවන ස්ථානයේ පසුවනවා.

පතල් නිෂ්පාදන හිමි Andrew Forrest ගේ ශුද්ධ වටිනාකම දැන් ඩොලර් බිලියන 12.8 ක් වන අතර ඕස්ට්‍රේලියාවේ ඉහළම ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ලැයිස්තුවේ නවවන ස්ථානයට පහත වැටී තිබෙනවා.

Fortescue නිර්මාතෘ Mr Forrest ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇති බවද සඳහන්.

ඉහළම 10 දෙනා අතර, ඔවුන්ගේ සාමූහික ධනය දැන් ඩොලර් බිලියන 202 ක් වන බවයි AFR පවසන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »