
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරු බදු පැනවීම ෆෙඩරල් වෙළඳ අධිකරණයක් විසින් වළක්වා තිබෙනවා.
හදිසි බලතල නීතිය යටතේ ආනයන සඳහා දැඩි තීරුබදු පැනවීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළා.
ට්‍රම්ප් ඔහුගේ අධිකාරිය ඉක්මවා ගොස් තීන්දු ගැනීම, එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්තිය සිය අභිමතයන් මත ක්‍රියාකිරීම සහ ආර්ථික අවුල් සහගත තත්වයක් ඇති කිරීම තර්ක කරමින් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.

තීරුබදු සාමාන්‍යයෙන් කොංග්‍රසය විසින් අනුමත කළ යුතු නමුත්, රටේ වෙළඳ හිඟය ජාතික හදිසි තත්වයකට සමාන බැවින් ක්‍රියා කිරීමට තමාට බලය ඇති බව ට්‍රම්ප් කියාසිටියා.
කෙසේවෙතත් අධිකරණය, 1977 ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත ගැන සඳහන් කරමින් ප්‍රකාශකළේ පළිගැනීමේ තීරුබදු නියෝග, තීරුබදු මගින් ආනයනය නියාමනය කිරීම සඳහා IEEPA විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇති ඕනෑම අධිකාරියක් ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.
ට්‍රම්ප්ගේ වෙළඳ බදු ප්‍රතිපත්තියට අභියෝග කරමින් අවම වශයෙන් නඩු හතක්වත් ගොනුකර ඇති බවද වාර්තා වනවා.