Search

Elon Musk ධවල මන්දිරයෙන් ඉවත්වීමේ තීරණයක

ලොව ධනවත්ම මිනිසා වන එලෝන් මස්ක් සිය ධවල මන්දිර රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවට තහවුරු කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේගේ දෙවන පරිපාලනය ආරම්භයේ සිටම එලෝන් මස්ක් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුුතු කළා.

එහිදී රාජ්‍ය වියදම්වලින් ඩොලර් ට්‍රිලියනයක් කපාහැරීම වෙනුවෙන් ඔහු ට්‍රම්ප්ට පොරොන්දු වී ඇති බවද සඳහන්.

කෙසේවෙතත් රජයේ රැකියා සහ වියදම් කප්පාදු කිරීමේ කැලඹිලි සහිත උත්සාහයකින් පසුවයි එලෝන් මස්ක් මෙම ඉවත්වීම තීරණය කර ඇත්තේ.

විචාරකයින් පවසන්නේ එසේ කිරීමට ඔහු දැරූ උත්සාහයන් රජයේ කාර්යභාරයට බාධාවක් වූ අතර අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතනවල සම්පත් හිඟතාවයක් ඇති වූ බවයි.

මස්ක් විසින් අනෙකුත් පරිපාලන සාමාජිකයින් සමඟ ද ගැටුම් ඇති කර ගෙන ඇති බවද වාර්තා වනවා.

මෑතකදී, මස්ක් පැවසුවේ තම ටෙස්ලා සමාගමේ වටිනාකම සහ වෙළඳ නාමය ලොව පුරා සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ පහත වැටුණු බැවින්, ඔහු තම දේශපාලන වියදම් අඩු කර එම භූමිකාවෙන් ඉවත් වන බවයි.

විශේෂ රජයේ සේවකයෙකු ලෙස ඔහුගේ “නියමිත කාලය” අවසන් වී ඇති බව මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X වෙත පවසා තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »