Search

මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේ නිවාස 2 ක් ගින්නෙන් විනාශ වෙයි

මෙල්බන් Strathmore හි Brosnan Crescent ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් අසල්වැසි නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

අද අලුයම 2 ට පමණයි ගින්න හටගෙන තිබුණේ.

එක් නිවසක ඉදිරිපස මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ දෙකක් සමඟ ගින්න ආරම්භ වන්නට ඇතැයි සැකපළ කරන අතර ටයරයක් පුපුරා ගොස් ඇති බවද පොලීසිය කියාසිටියා.

නිවාස දෙකෙහිම පදිංචිකරුවන් සියලු දෙනාටම පිටතට යාමට හැකි වී තිබෙනවා.

ගිනි නිවන භටයින් මේ වනවිට ගින්න පාලනය කර ඇති නමුත් නිවාසවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එක් නිවැසියෙක් පැවසුවේ ඔහු කුඩා කල සිටම වසර 26 ක් නිවසේ ජීවත් වූ බවයි.

ගින්නට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතිනවා.

ගිනි නිවන භටයින් පැවසුවේ කිසිදු නිවසක ගිනි අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »