
බලශක්තිය සහ ඉදිකිරීම් වැනි අංශවල ආධුනිකයින් පුහුණු කිරීම සඳහා ව්‍යාපාරවලට සැලකිය යුතු මුදල් ලබා දෙන ලෙස ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික කණ්ඩායම් රජයෙන් ඉල්ලීම් කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිකිරීම් වැනි ප්‍රධාන අංශවල ඉදිරියට එන හිඟයන් වළක්වා ගැනීම සඳහා ආධුනිකත්ව වැඩසටහන් ඉහළ නැංවීම ඉතා වැදගත් බවයි.
මේ සඳහා ඩොලර් මිලියන 40 ක අරමුදලක් ලබාදෙන ලෙසයි ව්‍යාපාරික කණ්ඩායම් ඉල්ලා සිටින්නේ.

දැනට පවතින තත්ත්වය අනුව, 2050 දක්වා ඉදිරි වසර 25 තුල මෙම ක්ශේත්‍රවල රැකියා සදහා ඔස්ට්‍රේලියාව තුළ සියයට 27 ක සේවක හිඟයක් ඇස්තමේන්තු කර තිබෙනවා.
කඩිනමින් මෙම තත්වය වලක්වාගැනීමට පියවර ගත යුතු බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය අවම කිරීම සදහා මෙන්ම වැඩි ආධුනිකයින් පුහුණු කිරීමට සහ ශ්‍රම බලකායේ හිඩැස් පිරවීමට කුඩා, ඕස්ට්‍රේලියානු ආධුනිකත්ව දිරිගැන්වීමේ පද්ධතිය (AAIS) නැවත සැලසුම් කරන ලෙසද ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික කවුන්සිලය රජයෙන් සිටිනවා.