Search

ඩිමෙන්ශියා රෝගයට ඔස්ට්‍රේලියාවෙන් නව ඖෂධයක්

ඩිමෙන්ශියා රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ වැඩිදියුණු කරන ලද ඖෂධයක් රට පුරා ප්‍රාන්ත කිහිපයක අත්හදා බලමින් පවතිනවා.

ඩිමෙන්ශියා රෝගය සහිත පුද්ගලයන්ගේ හැසිරීම් සහ මානසික වෙනස්කම් සිදුවන අතර, පවුලේ අය සහ රැකබලා ගන්නන්ටද මෙම තත්වය පීඩාවක් එල්ල කරනු ලබනවා.

KNX100 නමින් හැඳින්වෙන නව ඖෂධය, අතුරු ආබාධ ඇති නොකරන බව අනාවරන වී තිබෙනවා.

මෙම අත්හදා බැලීම් සඳහා ඩිමෙන්ශියා රෝගීන් 60 දෙනෙකු යොදා ගෙන තිබෙන අතර  ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාව පුරා එය අත්හදා බැලීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනූව මෙම ඖෂධය ආරක්ෂිත සහ දරාගත හැකි බව අත්හදා බැලීම් වලදී අනවරණ වී තිබෙනවා.

නවෝත්පාදනය ආරම්භ වූයේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් වන අතර පර්යේශකයින් පෙන්වා දෙන්නේ මෙම ඖෂධය හැකිතාක් දුරට අනුමැතිය කරා ගෙන යාම සඳහා තවදුරටත් සංවර්ධනය කරන බවයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »