
මෙම වසරේ යුරෝපීය සංචාර සැලසුම් කරන ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ සැලසුම් වෙනස් කර තිබෙනවා.
ඇඟිලි සලකුණු සහ පැමිණීමේදී ඡායාරූප ගැනීම වැනි නව අවශ්‍යතා මෙන්ම නව ඇතුල්වීමේ ගාස්තුවක් බොහෝ යුරෝපීය රටවල් පුරා ක්‍රියාත්මක කිරීම මෙයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී යි නවතම යුරෝපීය ඇතුල්වීමේ සහ පිටවීමේ පද්ධතියක් (EES) හඳුන්වා දීමට නියමිතව ඇත්තේ .

මෙම European Entry and Exit System , ෂෙන්ගන් කලාපයේ සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් වැනි සියලුම යුරෝපීය නොවන ජාතිකයින්ට බලපානු ලබනවා.
ෂෙන්ගන් කලාපය අභ්‍යන්තර දේශසීමා නීති ඉවත් කර ඇති යුරෝපීය රටවල් 29 කින් සමන්විත වන අතර එමඟින් එකිනෙකා අතර වීසා රහිත ගමන් සඳහා ඉඩ සලසා තිබෙනවා.

එයට යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 25ම සහ අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන තවත් රටවල් හතරක් ඇතුළත් වනවා.